Twitter Twitter Delicious Facebook Digg Stumbleupon

ආරම්භය - භෞතික විද්‍යාව කියන්නේ මොකද්ද? 1

Dragon | 8:45 AM |

හරි මුලින්ම භෞතික විද්‍යාව ඉගෙන ගන්න ඉස්සෙල්ලා භෞතික විද්‍යාව කියන්නේ මොකද්ද කියලා දැන ගන්න ඕනෙනේ.ඇත්තටම භෞතික විද්‍යාව කියලා නිර්වචනය කරන්නේ මොකද්ද?(see Wiki)

සරලවම කිව්වොත් භෞතික විද්‍යාව කියන්නේ සාමාන්‍ය භෞතික සංසිද්දීන් පිලිබද අධ්‍යනය කිරීමක්.ඒ කිව්වේ කාල අවකාශය තුල පදාර්ථයන්ගේ චලිතයන්,ශක්තිය සහ පදාර්ථය අතර ප්‍රතික්‍රියා වෙන ආකාරය.,ආලෝකයේ හැසිරීම වැනි දේවල් පිලිබද ගැඹුරින් නිරීෂනය කිරීමක්.ඇත්තටම ඒකෙන් කෙරෙන්නේ ස්භාවික සංසිද්දීන් පිලිබද පිලිබද විශ්ලේෂනයක්.විද්‍යාඥයින් පරිසරයේ මූලික න්‍යායන් තෙරුම් ගන්නේ භෞතික විද්‍යාවෙන් තමයි. මේ භෞතික විද්‍යාව සහ රසායනික විද්‍යාව මූලිකවම ගැඹුරින් සම්බන්දයි.අධ්‍යනය කිරීමේ පහසුවටයි ඔය දෙක අපි වෙන වෙනම අධ්‍යනය කරන්නේ.
                              දැන් හිතන්න ඔයා ගලක් උඩට විසි කරා කියලා.ඔයා දන්නවා ඒක අනිවාර්යෙන්ම බිමට වැටෙනවා කියලා.භෞතික විද්‍යාවෙන් කරන්නේ ඔන්න ඔය සංසිද්ධිය ගණිතමය සූත්‍ර සහ භෞතික විද්‍යාත්මක සංකල්ප ඇසුරෙන් සියුම්ව තේරුම් ගැනීමයි.

දැන් ඉතින් හිතන්න එපා මේක ගොඩක් අමාරු දෙයක් කියලා.ඔයාලට තියෙන්නේ මුල ඉදලා මේ විෂය ගැන හරියට අධ්‍යනය කරන්න.භෞතික විද්‍යාවේ ගොඩක් පාඩම් කරන්න නෑනේ.තියෙන්නේ ඉතාම ටිකයි‍.ප්‍රධානම දේ තමයි අවබෝධය. භෞතික විද්‍යාව කියන්නේ ගොඩක් interesting විෂයක්.කොහොමද ඔයාලගේ hand phone එක වැඩ කරන්නේ?,අදුරු පදාර්ථයන් කියන්නේ මොනවද?,සූර්යා බබලන්නේ කොහොමද?පෘතුවිය භ්‍රමනය වෙන්නේ කොහොමද?
මේ වගේ ප්‍රශ්න ඔයාලගේ මනසට එනවනම් ඔයාලට ඇත්තටම භෞතික විද්‍යාව ගැන ආශාවක් තියෙනවා.මම නම් හිතන්නේ භෞතික විද්‍යාවට A සමාර්ථයක් අරන් හුදෙක් විභාගය pass වීම නෙමෙයි විය යුත්තේ.තව කොච්චර දේවල් තියෙනවාද මේ විශ්වයේ අපිට ගවේශනය කරන්න?
ආ පොඩ්ඩක්  දුර ගියා වැඩියි වගේ. එහෙනම් මේක අපි Physics මුල ඉදලම ඉගෙන ගමු.

ඔයාලට ප්‍රශ්න තියෙනවනම් ඕන දෙයක් අහන්න.මෙතනින් කරන්නේ දැනුම බෙදා ගන්න එකනේ.ඔයාලගේ ප්‍රතිචාරය ගොඩක් වැදගත්.

ජිව විද්‍යාව යනු 0

Unknown | 9:22 AM |

BIO යනුවෙන් ජිවය යන්නත්  LOGY යන්නෙන් තර්කනුකූල හෑදෑරිම යන්නත් අර්ත දක්වයි. ඒ අනුව ජිවය පිළිබදව තර්කනුකූල හෑදෑරීම BIOLOGY යන්නෙන් හදුන්වනු ලබයි.

නැවත ආරම්භයක්..... 1

Dragon | 7:33 PM |

මුලින්ම කියන්න ඕනේ අපි මේ එක ආරම්භ කරේ A/Lවිෂය නිර්දේශය මූලික කරගෙන.ඒ මොකද කිව්වොත් අපිත් 2013 A/L ලියන්න ඉන්න කට්ටිය.හැබැයි ඉතින් විද්‍යාව ඉගෙන ගන්න කැමති ඕන කෙනෙක්ට මේකට ඇවිල්ලා දැනුම ලාබා ගන්න පුලුවන්.ඉගෙන ගන්න වයස් භේදයක් නෑනේ.අපේ ලසිත කොල්ලා තමයි මේ වැඩේට ආරම්භයක් දුන්නේ.මේක ටික කාලෙකට කලින් පටන් ගත්තේ.පොඩි පොඩි ප්‍රශ්න කිහිපයක් හින්දා ආයෙත් අලුතින් පටන් ගත්තා.දැන් දිගටම මේකේ හොද ලිපි පළවෙයි.
                                                                                            ඔයාලා හැමෝටම පුලුවන් මෙතනින් හොද දැනුමක් ලබා ගන්න.ඔයාලට ගැටලු එහෙම තියෙනවනම් අනිත් අයත් එක්ක ඕන  දෙයක් මෙතනදී සාකච්චා කරන්න පුලුවන්.අපිට පුලුවන් අනිත් අය එක්ක අපේ දනුම බෙදා ගන්න.හැබැයි ඉතින් විෂය නිර්දේශයට කොටු වෙලා ඉගෙන ගන්න එකනම් මෝඩ වැඩක්.විද්‍යාව කියන්නේ පුලුල් විෂය ධාරාවක්.ඒක හින්දා තමයි ඒක කොටස් හතරකට බෙදලා තියෙන්නේ.ඉතින් අපි හිතනවා මේ website එක කට්ටියට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා.

ඒකක ..:: භෞතික විද්‍යාව ::.. 0

Niroshan sammy | 10:08 PM | ,

භෞතික රාශියක ප්‍රමාණය ප්‍රකාශ කිරීමට මේවා භාවිතා කෙර්. 


අතීතයේ භාවිතා කළ ඒකක -
·       දිග මැනීමට - අඩිය, අඟල, යාරය
·       ස්කන්දය මැනීමට - රාත්තල, අවුන්සය
·       පරිමාව මැනීමට - බෝතලය
                
           යම් යම් ප්‍රදේශ වල විවිධ ඒකක භාවිතා කිරීම නිසා විද්‍යාත්මක කටයුතු වලට බාදා ඇති විය.මෙම ගැටලුව මග හැරීමට අන්තර් ජාතික  ඒකක ක්‍රමය (SI) හදුන්වා දෙන ලදි.SI ඒකක ක්‍රමයෙන් මූලික රාශීන් සහා ඉදිරිපත් කර ඇති අතර ඒ මගින් ව්‍යුත්පන්න රාශීන් සහා ඒකක ලබා ගනී.

ඒකක සහා සංකේත භාවිතය

         ඕනෑම ඒකකයක් සඳහා අන්තර්ජාතික සංකේතයක් ලෙස ඉංග්‍රීසි අකුරු භාවිතා කරයි. සාමාන්‍යයෙන් ඉංග්‍රීසි simple අකුරක් භාවිතා කරන අතර විද්‍යාඥයෙකුගේ නමක් භාවිතා කරන විට capital අකුරක් භාවිතා කරයි.

මූලික රාශිවල අන්තර්ජාතික සංකේත

රාශිය
ඒකකය
සංකේතය
දිග

මීටරය

m
ස්කන්දය

කි‍ලෝග්රෑමි
kg
කාලය

තත්පර
s
විද්‍යුත් ධාරාව

ඇමිපියර්
A
තාප ගතික උෂ්නත්වය

කෙල්වින්
K
දීප්ත තීවුරතාව

කැන්ඩෙලා
cd
ද්‍රව්‍ය ප්‍රමාණය

මවුල
mol

ඒකක හා මාන(මිනුමි) ..:: භෞතික විද්‍යාව ::.. 0

Niroshan sammy | 9:42 PM | ,

1.    මිනුමි සිදු කිරීමට භෞතික රාශි යොදා ගනී. 
2.    භෞතික රාශි ප්‍රධාන කෙටස් 2කි.
·       මූලික රාශි
·       ව්‍යුත්පන්න රාශි
o  මූලික රාශි

                       වෙනත් රාශි භාවිතයෙන් අර්ථ දැක්විය නොහැකි වූද සමහර රාශි අර්ථ දැක්වීමට භාවිත කරන්නා වූද රාශිය.
 
නිදසුන් -
                                         I.            ‍ දිග
                                        II.            ස්කන්දය
                                       III.            කාලය
                                       IV.            විද්‍යුත් ධාරාව
                                        V.            තාප ගතික උෂ්නත්වය
                                       VI.            දීප්ත තීවුරතාව
                                      VII.            ද්‍රව්‍ය ප්‍රමාණය


o  ව්‍යුත්පන්න රාශි

                         මූලික රාශි භාවිතයෙන් අර්ථ දැක්විය හැකි රාශිය.
 
නිදසුන් -
                               I.         වර්ගඵලය = දිග X පළළ
                                                          = දිග X දිග
                                                        
                              II.       ප්‍රවේගය = විස්ථාපනය/කාලය
                             III.      ත්වරණය = ප්‍රවේගය/කාලය
                             IV.     පරිමාව
                              V.      පීඩනය

ඩොල්ටන්ගේ පරමාණුක වාදය ප්‍රතික්ෂේප වීමට හේතු .::රසායන විද්‍යාව::. 0

Lasitha Tharanga | 3:12 AM | ,

1. පරමාණුව තුල තව දුරටත් බෙදා වෙන්කල හැකි උප පරමාණුක අංශු පවතින බව සොයා ගැනීමත් සමගම ඩොල්ටන්ගේ පරමාණුක වාදයේ පලමු කරුණ ප්‍රතික්ෂේප විය.


    උප පරමාණුක අංශු
             1.ඉලෙක්ට්‍රෝන
             2.ප්‍රෝටෝන
             3නියුට්‍රෝන
  
     පරමාණුක ක්‍රමාංකය


පරමාණුවක න්‍යෂ්ටිය තුල අන්තර්ගත වන ප්‍රෝටෝන සංඛ්‍යාව පරමාණුක ක්‍රමාංකය වේ.


    ස්කන්ද ක්‍රමාංකය


පරමාණුවක න්‍යෂ්ටියේ ඇති ප්‍රෝටෝන සංඛ්‍යාවේ සහ නියුට්‍රෝන සංඛ්‍යාවේ එකතුවයි.


අන්තර්ජාතිකව පරමාණුක ක්‍රමාංකය හා ස්කන්ද ක්‍රමාංකය පහත පරිදි නිරූපනය කරයි.



2.ස්වභාවික විනරණශීලීතාවයට අනුව එක් මූලද්‍රව්‍ය පරමාණුවක් වෙනස් මූලද්‍රව්‍ය පරමාණුවක් බවට පත් වන බව සොයාගැනීමත් සමගම පරමාණුක වාදයේ දෙවන කරුණත් ප්‍රතික්ෂේප විය.
      එමෙන්ම විද්‍යාඥයන් විසින් කෘතිමව මූලද්‍රව්‍ය පරමාණු නිපදවා ඇති නිසා  අයින්ස්ටයින්ගේ   E=mc2   යන ශක්ති සමීකරණයට අනුව ඔනෑම පදාර්ථයක් ශක්තියක් බවට (එනම් පදාර්ථය නැසිය හැකි බවට) පරිවර්ථනය කළ හැකි නිසා ඉහත කරුණ තව දුරටත් ප්‍රතික්ෂේප විය.




3.සමස්ථානික සොයාගැනීමත් සමගම පරමාණුක වාදයේ තුන් වන කරුනද ප්‍රතික්ෂේප විය.
             සමස්ථානිකයක් යනු එකම මූලද්‍රව්‍ය පරමාණුවේ එකිනෙකට වෙනස් ස්කන්ද ක්‍රමාංක පැවතීමයි.


උදා- හයිඩ්‍රජන් වල සමස්ථානික
4.සමභාර පරමාණු සොයාගැනීමත් සමගම ඩෝල්ටන්ගේ 4වන කරුනද ප්‍රතික්ෂේප විය.
             සමභාර පරමාණුවක් යනු එකිනෙකට වෙනස් මුලද්‍රව්‍ය පරමාණු වල සමාන ස්කන්ද ක්‍රමාංකයන් පැවතීමයි.




5.සංකීර්ණ සංයෝග සොයාගැනීමත් සමග භහු අවයවික කෘතිමව නිෂ්පාදනය කරවීමත් සමගම මූලද්‍රව්‍ය පරමාණු සංකීර්ණ අනුපාත වලින් ප්‍රතික්‍රියා කරන බව සොයාගැනීම සමග පරමාණුක වාදයේ අවසාන කරුනද ප්‍රතික්ෂේප විය


උදා- සුක්‍රෝස් (සීනි)
    
       C12 H22 O11
      12 : 22 : 11


පරමාණුව පිළිබදව විවිධ මත ඉදිරිපත් කරලීම සම්බන්දයෙන් කළ සේවය නිසා පරමාණුක වාදයේ පියා ජෝන් ඩෝල්ටන් ලෙස හදුන්වයි.


       

පරමාණුව හා ඩෝල්ටන්ගේ පරමාණුක වාදය .::රසායන විද්‍යාව::. 0

Lasitha Tharanga | 1:49 AM | ,

             පදාර්ථය තව දුරටත් බෙදා වෙන් කළ නොහැකි කුඩාතම අංශුව පරමාණුව ලෙස ජෝන් ‍ඩෝල්ටන් විසින් ඉදිරිපත් කරන ලදී.
            මෙම වාදය ඉදිරිපත් කිරීමට මොහු විසින්,


1.සක්න්ද සංස්ථිතික නියමය
2.ස්ථීර සමානුපාත නියමය
            යොදාගනිමින් පරමාණුව පිළිබදව පරමාණුක වාදයක් ඉදිරිපත් කරන ලදී


පරමාණුක වාදය
ජෝන් ඩෝල්ටන්

         පරමාණුක වාදයේ ප්‍රධාන උපකල්පණ කිහිපයකින් සමන්විත වේ. ඒවා නම්,


1.පාදාර්ථය තව දුරටත් බෙදා වෙන්කළ නොහැකි කුඩාම අංශුව පරමාණුවයි.


2.ප්‍රතික්‍රියාවක් සිදුවන විට පරමාණු මැවීමක් හෝ නැසීමක් සිදු නොවේ.


3.එකම මූලද්‍රව්‍යයයේ පරමාණු සෑම විටම එකිනෙකට සමාන වේ.


4.එකිනෙකට වෙනස් මූලද්‍රයන් සෑම විටම එකිනෙකට අසමානය


5.මුලද්‍රව්‍ය පරමාණු එකිනෙක සමග ප්‍රතික්‍රියා කරනුයේ සරල අනුපාත වලිනි.